කාටද ඉතින් ආඩම්බර, ජනාධිපති ඔෆිස් එක බලන්න අනුරගෙ ගමෙනුත් පුංචි අමුත්තෝ ටිකක් [PHOTO]

Report

අද (20) දින පස්වරු කාලයේදී අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාව අතරවාරයේදී ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි බවට වාර්තා වේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

එහිදී පැමිණි සිටි පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව ක්‍රියාත්මක කරන Vision වැඩසටහනට සහභාගි වීමට ද අවස්ථාව ලද බව සඳහන්.

මේ සමඟම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් අනතුරුව එම සිසු දරුවන් පාර්ලිමේන්තු ඉතිහාසය සම්බන්ධයෙන්ද දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ඊට අමතරව ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත මෙරටදී ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ද අඳාළ විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසු දරුවන් දැනුවත් කිරීම සිදු කර ඇත.

එමෙන්ම මෙහිදී ජනාධිපති නීති උපදේශක ජේ. එම්. විජේඛණ්ඩාර මහතා විසින් එම පාසලට වටිනා පැළයක් ද ප්‍රදානය කර තිබුණේ පරිසරය සුරැකීමේ අගය සංකේතාත්මකව පෙන්වා දෙමින් බව පවසයි.

ලක්ෂ දෙක පැන්න පවුම පහලට

ලක්ෂ දෙක පැන්න පවුම පහලට

කෙසේ වෙතත් මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වූ බව සඳහන්.

ඒ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් ධනංජය සෙනරත්, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම්. ජී. අසංක විජේසුරිය යන අය ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ඇතුළත් වේ.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

GalleryGalleryGalleryGalleryGallery