පොදුජන පෙරමුණෙ සියලු පළාත් පාලන නියෝජිතයින් අද කොළඹට පැමිණෙන්නේ කුමක් සදහාද...?

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සියලු පළාත් පාලන නියෝජිතයින් අද (27) කොළඹට කැඳවා තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් සඳහායි.

අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කරනු ඇති.

අග්‍රමාත්‍යවරයා ඊයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හමුවූ අතර ඊට ‍පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ද හමුවිය. ‍

එහිදි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ, තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
join now