දේශපාලන බල පෙරළියක්ද..? විපක්ෂයේ සියලු පක්ෂ සජිත් හවුවට යයි..!

Report

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව එළැඹෙන බදාදා දින උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

අදාළ ගැටලුව පොදු විපක්ෂයටම මතුව ඇති බැවින් විපක්ෂයේ සියලු පක්ෂ මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිත බව සඳහන් වේ.

මෙම අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ. (උපුටාගැනීමක්)

…………………………………………………………………

You may like this video 👇