සියලුම නිවාඩු අවලංගුයි. - 18,19, 20 සහ ඊට පසු සතියේ වෙන්න දේ මෙන්න.

By Wayomi Nov 14, 2024 03:46 AM GMT
Report

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක මහත්මිය පවසන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය එම සතියේ සේවයට අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවයි.

ඒ, අනුව මේ කාලසීමාවේ දී පාර්ලිමේන්තුවේ සියලුම අංශ නව පාර්ලිමේන්තුව පිහිටුවීමේ පූර්ව කටයුතු සඳහා සූදානම් කර තැබෙනු ඇත.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

දස වැනි පාර්ලිමේන්තුව අභිනවයෙන් ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදායි.

ඊට සමගාමීව දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් ලබන 25,26 සහ 27 දිනවල පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට එහිදී පුළුල් දැනුමක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම ලබන 18,19 සහ 20 දිනවල කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා සඳහන් කළා.  

මැතිවරණය කාල සීමාවේ ඔබටත් මෙහෙම වුණොත් විශේෂ අංක 6ක්. - 16 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි.

මැතිවරණය කාල සීමාවේ ඔබටත් මෙහෙම වුණොත් විශේෂ අංක 6ක්. - 16 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.