අලි සබ්‍රි රහීම් හදිසියේම ඩුබායි රාජ්‍යයට..

Bandaranaike International Airport Ali Sabry Sri Lanka Politician Dubai Passport
By krishani May 27, 2023 03:39 AM GMT
krishani

krishani

Report

පෙරේදා (25) රාත්‍රියේ, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සංචාරයක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා ය.

රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම දුරකථන අනූ එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ප්‍රභූ පර්යන්තයෙන් පිටවීමේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණුන අතර ඔහු රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් මත නිදහස් කරන ලද්දේ පසුගිය දිනෙක ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් ඊයේ (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් ගෙන ආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ය.

එමෙන්ම එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් වෙතට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේ දී එකඟත්වය පළ වූ බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha