අලී සබ්රි රහීම්ට එරෙහිව පිරිසක් සිදුකළ දේ..

Parliament of Sri Lanka Ali Sabry Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi May 25, 2023 10:56 AM GMT
Sithumi

Sithumi

Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ලිපියක් භාරදී තිබේ.

ඊයේ (24) උදෑසන නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයාව කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගැනිණි.

එහිදී හෙළිවූයේ ඔහු රත්‍රන් කිලෝ 3 1/2ක් සහ ස්මාර්ට් දුරකථන 91ක් මෙරටට ගෙනැවිත් ඇති බවය.

පසුව රුපියල් මිලියන 7.5ක දඩයක් ගෙවීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර තිබුණි.

කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha