අලුත් අවුරුද්දට කලින් මත්පැන් මිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක්..

Report

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අලුත් අවුරුද්දට කලින් මත්පැන් මිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක්.. | Alcohol Prices In Sri Lanka

ඒ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) බණ්ඩාරවෙල ප්‍රදේශයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ භාණ්ඩ මිල මෙන්ම මත්පැන් මිල ද අඩුවිය යුතු බවයි.

කෙසේ වෙතත්, එළඹෙන අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහළ දැමීම සඳහා උත්සාහ කරන බව ඔහු පැවසීය.