අලුත් අවුරුද්දට කලින් මත්පැන් මිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක්..
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) බණ්ඩාරවෙල ප්‍රදේශයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ භාණ්ඩ මිල මෙන්ම මත්පැන් මිල ද අඩුවිය යුතු බවයි.
කෙසේ වෙතත්, එළඹෙන අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහළ දැමීම සඳහා උත්සාහ කරන බව ඔහු පැවසීය.