මත්පැන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝගයක්.

Sri Lanka
By krishani Oct 20, 2023 03:30 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට පසුගිය 18 වැනිදා කළේ ය.

එම නියමය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත.

ඒ අද (20) අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ අනුව මේ දක්වා නිකුත් කර ඇති මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍ර යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බාධාවකින් තොරව සිය මෘදු මත්පැන් භාවිතා කිරීම සිදු කළ හැකිය.

ReeCha