සති අන්තයේ පෝට් සිටිය ගිනි තියන්න Alan Walker ලංකාවට එයි - 'POP Culture 2026' අද රෑට ඇරඹේ
ShowUp Entertainment සංවිධානය කරන ‘POP Culture 2026’ EDM Musical Festival සඳහා ජාත්‍යන්තර සහ මෙරට ප්‍රකට සංගීත ශිල්පීන් රැසක් සහභාගී වීමට නියමිතය.
මෙහි ප්‍රධාන ශිල්පියෙකු ලෙස එක්වන ලොව ප්‍රකට DJ සහ සංගීත නිෂ්පාදකයෙකු වන Alan Walker අද (28) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු අද රාත්‍රියේදී ‘POP Culture 2026’ වේදිකාවට එක්වෙමින් ප්‍රේක්ෂකයින්ට සුවිශේෂී EDM සංගීත අත්දැකීමක් ලබාදීමට සූදානමින් සිටියි.
‘POP Culture 2026’ EDM Musical Festival අද (28) සහ හෙට (29) යන දෙදින තුළ කොළඹ Port City පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
Alan Walker සමඟ Nicky Romero, DubVision, Quintino, CHUNG HA, Mintthy, Dyro x Dannic සහ Arixx ඇතුළු ජාත්‍යන්තරයේ ජනප්‍රිය ශිල්පීන් රැසක් ද මෙම සංගීත උළෙලට එක්වීමට නියමිතය.
එමෙන්ම මෙරට ප්‍රකට සංගීත ශිල්පීන් රැසක් ද මෙම උළෙලට එක්වෙමින් EDM සංගීතයෙන් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කිරීමට සූදානමින් සිටිති