A/L විභාගයේ නැවත සමීක්ෂණයෙන් ගණිත සිසුවාගේ C සාමාර්ථය A වෙලා..! සිදුවූ දේ මෙන්න..

education Kandy A/L exam re correction Ruchira Nisaga
By Sewvandhi Jan 03, 2022 10:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරිණි. එහිදී මහනුවර සිසුවෙක් ගේ C සාමාර්ථය, නැවත සමීක්ෂණයෙන් අනතුරුව A සාමාර්ථයක් දක්වා වෙනස් වීමේ පුවතක් වාර්තා විණි.

එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්විය. එම සිදුවීමට මුහුණදී තිබුණේ මහනුවර ධර්මරාජ විදුහලේ රුචිර නිසඟ අබේවර්ධන සිසුවාගේ සංයුක්ත ගණිත විෂයට අදාළව ය.

ගණිත අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති මෙම සිසුවාට එම විෂය සඳහා ලැබී තිබුණේ C සාමාර්ථයකි. රසායනික විද්‍යාව සහ හෞතික විද්‍යාවට A සාමර්ථ ලැබී ඇත. 

 මෙම ප්‍රතිඵල අනුව සිසුවාගේ ඉසෙඩ් ලකුණ 2.0084 වී ඇති අතර, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම 68 සහ දිවයිනේ ශ්‍රේණිගත කිරීම 966ක් බවට පත්ව තිබුණි.

C සාමාර්ථය A සාමාර්ථයක් දක්වා වෙනස් වීම නිසා ඉසෙඩ් ලකුණ 2.5538ක් දක්වා ද ශ්‍රේණිගත කිරීම් පිළිවෙලින් 12 සහ 124 දක්වාත් වෙනස් වී තිබේ.

නැවත සම්ක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලද අයඳුම්පත් 48,000කට අධික ප්‍රමාණයකින් තුන්සිය 329 දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස්වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසා තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha