උසස් පෙළ සිසුවියට විභාග නිරීක්ෂකවරයෙකු සිදු කලදේ - සිසුවියගෙන් විශේෂ ලිපියක්..

Sri Lanka G.C.E.(A/L) Examination
By Sithumi Feb 09, 2023 01:00 PM GMT
Sithumi

Sithumi

Report

 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට විභාග නිරීක්ෂකවරයෙකුගෙන් සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් සහිත ලිපියක් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා.මෙලෙස අසාධාරණයට ලක්ව තිබෙන්නේ කැකිරාව - මිරිහම්පිටිගම ප්‍රදේශයේ පදිංචි දෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් වේ.

ඇය උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් මුහුණ දෙන බවත්, ඊයේ (08) දිනයේ පැවැති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට විභාග ශාලාව වෙත සිසුන්ට රැගෙන යාමට හැකි ගණක යන්ත්‍රයක් (කැල්කියුලේටර්) තමන් ද රැගෙන ගිය බවත් ඇය එම ලිපියේ සදහන් කර තිබේ.

නමුත් තමන් ඇතුළු තවත් විභාග ශාලාවේ රැඳී සිටි ශිෂ්‍යයින් කිහිපදෙනෙකුගේ පමණක් ගණක යන්ත්‍ර විභාග ශාලාවේ නිරීක්ෂකවරයා පැමිණ ඉවත් කළ බවත්, එය සිසුන් කිහිපදෙනෙකුට පමණක් සිදු කර, සෙසු සිසුන් හට ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) පාවිච්චි කිරීමට අවසර හිමි වූ බවත් අදාළ ශිෂ්‍යයාව වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය වසරේ ද විභාගයට තමන් මෙම කැල්කියුලේටරය රැගෙන ගිය ද, ඊට විභාග ශාලාවෙන් අවසර හිමි වූ බව ද මෙම ශිෂ්‍යයාව සඳහන් කළා. තමන් ඇතුළු සහෝදර ශිෂ්‍යයින්ට සිදු වූ මෙම අසාධාරණය ගැන විභාග ශාලාධිපතිවරයාට ද දැනුම් දුන්න ද , ඒ පිළිබඳ කිසිදු සැලකීමක් ඔහු නොදැක්වූ හෙයින් තම ගැටලුව සඳහන් කර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටත් පැමිණිලි කර ඇති බවයි ඇය සඳහන් කළේ.

දෙවැනි වර උසස් පෙළ විභාගයට මුහුණ දුන් තමන් ඇතුළු මෙම අසාධාරණයට ලක් වූ ශිෂ්‍යයින්ට නිසි සාධාරණයක් ඉටු කරන ලෙස අදාළ සිසුවිය විභාග කොමසාරි ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now