" ඔයා නැතුව පාලුයි මැණික " අකිල ධනුද්දර එමී වෙනුවෙන් හදිස්සියේම එක්කල ෆේස්බුක් සටහනට ජැක්සන් ඇන්තනීගෙන් පිළිතුරු (PHOTOS)
ඇන්තනී පවුල කියලා කියන්නේ මුළු ලංකාවම හොඳින්ම දන්න කියන චරිත ඉන්න ආදරණීය කලා පවුලක්. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ආදරණීය පවුල තමයි මේ ඇන්තනී පවුල කියන්නේ. ඔහුගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය හා ආදරණීය දරුවන් තිදෙනාම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔවුන් තමයි මාධවී ඇන්තනී අකිල ධනුද්දර සහ සජිත අනුත්තර ඇන්තනී තමයි මේ ආදරණීය දරුවන් තිදෙනා. ඔවුන්ගේ විවාහ මංගල්‍යයත් බොහෝදෙනා අතර සමාජයේ කතාබහට ලක්වුණා.
එයට හේතු බවට පත් වුනේ ඔවුන් තිදෙනාම එකම දිනයක ඔවුන්ගේ විවාහ මංගල්යය පවත්වපු නිසා. ඉතින් ඇන්තනී පවුලේ වැඩිමහල් පිරිමි දරුවා තමයි අකිල ධනුද්දර. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එමි.
ඉතින් මේ දිනවල මාධවී සජිත වගේම අකිලත් ඔවුන්ගේ රූගත කිරීම් වලට නිවසින් බැහැර වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේ නිසාම අකිල ධනුද්දර ඔහුගේ මුහුණුපොතට ඔහුගේ බිරිඳ වෙනුවෙන් අපූරු සටහනක් තබලා තිබෙනවා. ඒ තමයි ඔයා නැතුව පාලුයි මැණික කියලා.
ඉතින් මේක දැකපු ඔවුන්ගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයා අපූරු සටහනක් මෙයට එකතු කරල තිබෙනවා. ඒ තමයි මේ දවස් වල මගේ පණ තුනම රජරට. ගෙදර හිස් පිට්ටනියක් කියලා තමයි ඔහු ඔහුගේ සටහන ඉදිරිපත් කරලා තිබෙන්නේ.
ඉතින් බොහෝම සතුටින් ඉන්න පවුලක් විදියට සමාජය හඳුනන ඔවුන් බොහොම අපූරුවට ඔවුන්ගේ පවුලේ කටයුතු ගෙන යනවා. කොහොම නමුත් රංගන කටයුතු ඉවර වෙලා ආපහු ඉක්මනටම ගෙදර එන්න කියලා කියනවාත් එක්ක ඇන්තනී පවුලට සුබපැතුම් එකතු කරනවා.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |