තවත් රාජපක්ෂ කෙනෙක් නියෝජ්‍ය කථානායක ධූරයට පත්වෙයි..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By Aruna May 17, 2022 06:31 AM GMT
Aruna

Aruna

Report

මේ සඳහා දැඩි වාද විවාද මධ්‍යයේ අද පාර්ලිමේන්තුවේ දී පැවැති ඡන්ද විමසීමේ දී ඡන්ද 109ක් ලබා ගනිමින් නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස ඇජිත් රාජපක්ෂ මහතා තේරී පත්වුණා.

අද දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නැවත වතාවක් නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.

ඒ මීට පෙර පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තෝරාගත් නියෝජ්‍ය කථානායක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

අද දින මෙම ධුරය සඳහා ඡන්ද විමසීමක් නොකර එක් අයෙකුගේ නම පමණක් යෝජනා කර නියෝජ්‍ය කථානායක ධුරය තෝරා ගැනීමට කලින් තීරණය කර තිබුණ ද පාර්ලිමේන්තුව කැඳවා නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නාමයෝජනා කැඳවීමේ දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාමයෝජනා ඉදිරිපත් වුණා.

විපක්ෂයේ නාම යෝජනාව වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ගේ නාම යෝජනාවයි.

එය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ස්ථිර කරනු ලැබුවා.

මේ අවස්ථාවේදී නැගී සිටී මහාචාර්ය ජී එල් පීරිස් විසින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම් යෝජනා කරනු ලැබුවා.

එම නාම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර විසින්.

මේ අවස්ථාවේදී නැගී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා පවා නියෝජ්‍ය කථානායක ධූරය සඳහා කාන්තාවකගේ නම යෝජනා කළ යුතු බවට පවසා තිබියදී ප්‍රති පාර්ශවය විසින් මේ සඳහා කෙනෙකු යෝජනා කර ඡන්දයකට යෑම නිශ්ඵල ක්‍රියාවක් බවයි.


මීට පෙරත් පසුගිය වාරයේ මෙලෙසින්ම ඡන්ද විමසා පත් කරගත් කථානායකවරයා පසුදිනම සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් තවදුරටත් ජනතාවට විහිළු සැපයීම මේ පාර්ලිමේන්තුව විසින් සිදු නොකළ යුත්තක් බවත් ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඔවුන් මෙහිදී කථානායකවරයාට බල කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුව තාවකාලිකව කල් දමා පක්ෂ නායක රැස්වීමක් කැඳවා මෙම ප්‍රශ්නය නිරාකරණය කර නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

කෙසේ වෙතත් රීති ප්‍රකාරව කටයුතු කළ කථානායකවරයා නම් දෙකක් යෝජනා වී ඇති අවස්ථාවක තමන්ට සිදුකළ හැක්කේ ඒ සඳහා ඡන්දයක් පැවැත්වීම පමණක් බව ප්‍රකාශ කළා.

ඒ අනුව නව නියෝජ්‍ය කථානායක වරයා තෝරා ගැනීම සඳහා ඡන්දයක් කැඳවනු ලැබුවා.

මේ අතර ඡන්ද විමසීමේ දී විපක්ෂ නායකවරයා විසින් සිය මනාපය ලබාදුන්නේ කාටද යන්න ඇතුලත් ඡන්ද පත්‍රිකාවේ ඡයාරූපයක්ද පහතින් දැක්වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery