මහ බැංකුවේ අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Political Ajithi niwad kabral The Ceylon bank
By Aruna Dec 22, 2021 02:51 AM GMT
Aruna

Aruna

Report

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මාධ්‍ය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එහිදී රටේ විදෙස් සංචිතය, ඩොලර් අර්බුදය, විදෙස් ණය ගෙවීම ඇතුලු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇති.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාව සූදානම්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ මෙරට විදේශ සංචිතය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය වියදම් අඩුකිරීම ඇතුලු දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස ඊයේ දිනයේ ඉන්ධන මිලද ඉහළ දමනු ලැබුවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසන්නේ කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් හිඟය මේ වන විට දැඩිව බලපා ඇති බවයි. මේ හේතුවෙන් කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ද ඉදිරියේදී ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ ක්ෂේත්‍ර රැසක් සිය මිල ගනන් ඉහළ නැංවීමටයි සූදානම් වන්නේ.

ත්‍රීරෝද රථ ගාස්තු, බස් ගාස්තු, බහාලුම් ප්‍රවාහන ගාස්තු සහ පාන් ඇතුලු බේකරි නිෂ්පාදන ද ඒ අතරට අයත්.

සමස්ථ ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ ආනයන, අපනයන බහාලුම් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තුව සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now