ගුවන් තොටුපොලකට ගුවනින් ප්‍රහාරයක්..06ක් මරුට..
Iran
Death
World
By Aruna
ඉරාකයේ - කුර්දිස්තාන් කලාපයේ කුඩා හමුදා ගුවන් තොටුපොළක් වන ආර්බිඩ් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේඩ4 ප්‍රහාරයෙන් අනතුරුව ඉරාක - කුර්දි ආරක්ෂක අංශ එම ප්‍රදේශයට මුද්‍රා තබා ඇති බවයි.
ආර්බිඩ් ගුවන් තොටුපොළ හෙලිකොප්ටර් ගාල් කර තැබීම සඳහා වැඩි වශයෙන් භාවිත කෙරෙන කුඩා ගුවන් තොටුපළක් වන අතර, එය ඉරාකයේ ඊසාන දෙසින් සුලෙයිමානියා නගරයට නැගෙනහිරින් පිහිටා තිබෙනවා.
ප්‍රහාරයෙන් කුර්දි ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ සුලෙයිමානියා හමුදා රෝහල වෙත රැගෙන ගිය බවයි.
