අද උදේ ලංකාවට ගෙනාපු දේ මෙන්න..ජනතාවට සුබ ආරංචියක්..
මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ.
අද (20) අලුයම 12.25ට පමණ දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.
මේ අතර මෙවර මහ කන්නය වෙනුවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇණවුම් කර ඇති අතර , ඉන් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක ප්‍රමාණයක් එලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා.එම දියර පොහොර තොගයේ බර මෙටි්‍රක් ටොන් 45 ක් පමණ වන බවයි ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.
මෙම සතිය තුළ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මෙම පොහොර තොගය භාර ගැනීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන , රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඩී.වී.චානක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එස්. අජන්ත ද සිල්වා, ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව ද අප වාර්තාකරු පැවසුවා.
දිවයිනට රැගෙන ආ පොහොර තොගය වත්තල , හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබෙනවා.
මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදාහැරීම අද දිනයේම ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |