වසර 07කට පසු පියාසර කළ ගුවන් යානා ත්‍රිත්වය

By Wasantha Jun 14, 2021 11:14 AM GMT
Wasantha

Wasantha

Report

 වසර 7ක් තිස්සේ භාවිතයට නොගෙන තිබු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා තුනක් නැවත භාවිතයට ගෙන තිබෙනවා.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියා සිටියේ මෙරට යුද්ධය පැවති අවස්ථාවේ මෙම ගුවන් යාන ත්‍රිත්වය විශාල මෙහෙවරක් මෙරට ජාතිය වෙනුවෙන් ඉටුකළ බවයි.

ගෙවුණු වසර 7ක කාලයක් මෙම යානා ත්‍රිත්වය පියාසර නොකර පසෙක දමා තිබු අතර ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම යානා යලි භාවිතයට යොදාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.