''ආධාර මෙහෙයුම ආරක්ෂිතයි" – ගාසා මානුෂීය පදනමේ ප්‍රධානී කියයි

By Hashini Jun 29, 2025 03:49 AM GMT
Report

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා මානුෂීය පදනමට චෝදනා එල්ල කරනු ලබනවා.ඒ ගාසා මානුෂීය ආධාර පදනම ආරම්භ වූ දා සිට මේ දක්වා ආධාර ලබාගැනීම සඳහා පැමිණෙන සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනයට ලක්වීම හේතුවෙන් .

එම චෝදනා ප්‍රතික්ෂේප කරන ගාසා මානුෂීය පදනමේ ප්‍රධානී ජොනී මුවර් පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර, ආධාර බෙදාදෙන ස්ථාන ආසන්නයට එල්ලවන බැවින් මරණ වැඩි වශයෙන් වාර්තා වන බවයි.

තවද ඔහු චෝදනා එල්ල කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන අසත්‍ය තොරතුරු පතුරවන බවටයි.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ ආයතන විසින් ඨ්‍යත්‍ ආධාර ක්‍රමය හෙළා දැක ඇති අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එය අනාරක්ෂිත බව ප්‍රකාශ කළ බවයි.

මේ වන විට ආධාර ලබාගැනීමට පැමිණි පලස්තීනුවන් 500කට වැඩි පිරිසක් මිය ගොස් 4,000ක් පමණ තුවාල ලබා තිබෙන බවයි ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව දැක්වෙන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදා සෙබලුන් ප්‍රකාශ කර ඇත්තේ ආධාර බෙදාහැරීමේ ස්ථාන අසල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීමට තමාට අණ ලබා දී ඇති බවයි. නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ සිවිල් වැසියන්ට හිතාමතා වෙඩි තැබීමට තම හමුදාවන්ට උපදෙස් ලබාදී නොමැති බවයි.

රියැදුරු බලපත් කාඩ් දැන් හිඟයි - නව ඇණවුම් ලබන මාසයේ

රියැදුරු බලපත් කාඩ් දැන් හිඟයි - නව ඇණවුම් ලබන මාසයේ

පසුගිය මාසයේ ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුළු වන ආධාර අවහිර කර තිබු අතර පසුව සති 11ක අවහිරය අර්ධ වශයෙන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබුණේ.

ඊශ්‍රායලය විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ එම අවහිරය අර්ධ වශයෙන් ලිහිල් කළද, ගාසා තීරයට ඇතුළු වන ආධාර ප්‍රමාණය තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

ආසන පටි නීතියට බස් සංගම් වලින් බ්‍රේක් එකක්!

ආසන පටි නීතියට බස් සංගම් වලින් බ්‍රේක් එකක්!