මහා බැංකුවේ අධිපතිගේ රුව ඇතුළත් AI වීඩියෝව
Central Bank of Sri Lanka
Sri Lanka
Artificial Intelligence
By Zara
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස යොදාගනිමින් කෘතීම බුද්ධිය (AI) තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම වීඩියෝව ඔස්සේ මහ බැංකුවේ අධිපතිවරයා ආයෝජන අනුමත කරන ආකාරය ව්‍යාජ ලෙස නිරූපණය කරන බවයි.
මේ අනුව පහත සඳහන් කරුණු වෙත අවධානය යොමු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විමසිලිමත් වන්න. එමෙන්ම, එවැනි වංචනික ක්‍රියා සමග සම්බන්ධ වීමෙන් වළකින්න.
අපගේ වෙබ් අඩවිය (www.cbsl.gov.lk) සහ නිල සමාජ මාධ්‍ය ජාලා වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල මූලාශ්‍රවලින් තොරතුරුවල නිවැරදි බව තහවුරු කරගන්න.
මෙවැනි සැක සහිත තොරතුරු පිළිබඳව පැහැදිලි කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකු නිල සන්නිවේදන නාලිකා වෙත වාර්තා කරන්න.
