ගොයමට ගිනි තැබුවොත් වෙන්නේ මේ දෙයයි - රජයෙන් තීරණයක්.
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By krishani
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ජනතාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනි තැබූ පුද්ගලයින්ට වන්දි ලබා නොදෙන බවයි.
නියඟය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ හානි වූ ගොයමට ඇතැම් පුද්ගලයින් ගිනි තබා සිය විරෝධය පල කළේ ය.
ඒ හේතුවෙන් එම වගාවන්ට සිදු වූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමට හැකියාවක් නොමැත.
ඒ අනුව ඔවුන්ට වන්දි ලබාදිය නොහැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කර ඇති බව ද එම මණ්ඩලය පැවසීය.
කෙසේ වෙතත්, යම් පුද්ගලයෙකු විසින් සිය කුඹුරට ගිනි තබන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට ද කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
