අග්බෝ ඇතා ගැන අලුත්ම තොරතුරක් පශු වෛද්‍යවරුන් කියයි.
Sri Lanka
Elephant
By krishani
අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදයට දැඩිව හානි සිදු වූයේ සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් ය.
එලෙස තුවාල සිදු වූ අග්බෝ ඇතාගේ එම තුවාල සුව වීම සඳහා මාස තුනකට අධික කාලයක් ගතවන බව පශු වෛද්‍යවරුන් සඳහන් කර සිටියේ ය.
මේ වන විටත් එම ඇතා මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ(17) දිනයේ ද පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කර ඇති බව වාර්තා වන අතර එයට වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු වෛද්‍යවරු හා සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක් වී ඇත.
එමෙන්ම ඇතාගේ තුවාල මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් සම්පූර්ණයෙන්ම සුව අතට පත් වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බවත් අනුරාධපුර කලාප භාර වනජීවී කාර්යාලය පශුවෛද්‍ය චන්දන ජයසිංහ පැවසීය.
