ත්‍රිපෝෂ ගැන එලියට අලුත්ම අනාවරණය..(VIDEO)

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Sep 22, 2022 04:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම විසින් ගර්භණී මව්වරුන්ට ලබාදී ඇති නිෂ්පාදනවල තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇතිකර නොගත යුතු බව එහි සභාපති දීප්ති කුලරත්න පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ නිසි ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන සිදුකරන බවයි.

කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රීපෝෂවල පිලිකාකාරක ඇෆලටොක්සීන් අඩංගු බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පසුගියදා සිදුකළ ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වුණා.

මේ අතර, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ.ඒ.පී.බොරලැස්ස කියා සිටියේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංගමය තවදුරටත් පෙනී සිටින බවයි. මාස දෙකකට පමණ පෙර තම සමාගමේ නිෂ්පාදිත ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් සංඝටකය වැඩි ප්‍රතිශතයක් පැවති බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා අද සඳහන් කළා.කෙසේවෙතත් ඒවා මව්වරුන්ට ලබා නොදුන් බවයි ඔහු සඳහන් කළේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW