T20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේ

Report

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාවන ඇෆ්ගනිස්තානය සංචිතය අද (31) ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වයට රෂීඩ් ඛාන් පත්කර තිබේ.

ඒ වගේම වමත් වේග පන්දු යවන ෆසල්හක් ෆාරුකි, පිට දඟ පන්දු යවන මුජීබ් උර් රහ්මාන්, තුන්ඉරියව් ක්‍රීඩක ගුල්බදින් නයිබ්, දකුණත් වේග පන්දු යවන නවීන්-උල්-හක් යළිත් වරක් කණ්ඩායමට කැඳවා තිබෙන බව සදහන් වේ .

තවද ෆාරුකි සහ නයිබ් යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ සීමිත පන්දුවාර තරගාවලියෙන් පසු ඉවත්කර තිබුණි.

එමෙන්ම නවීන්ද සැප්තැම්බර් මාසයේ පැවති ආසියානු කුසලාන තරගාවලියෙන් පසු යළි කැඳවා තිබේ. ඔහු අවසන්වරට ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩාකර ඇත්තේ 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සිම්බාබ්වේට එරෙහි විස්සයි20 තරගයකටයි.

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අසාද්‍යයි - රෝගය උත්සන්න වී කෝමා වෙලා

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අසාද්‍යයි - රෝගය උත්සන්න වී කෝමා වෙලා

ඒ අනුව අවසන්වරට පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්විය.

එය ඔවුන් ICC තරගාවලියක එතරම් දුරක් ගිය පළමු අවස්ථාව වේ.

එහිදී ඔවුන් නවසීලන්තය, බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය වැනි ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඉහළින්ම සිටි කණ්ඩායම් රැසක්ම පරාජයට පත් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානය මූලික වටයේ දී 'D' කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි.

ඒ අනුව එහිදී ඔවුන් නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව සමග ක්‍රීඩාකිරීමට නියමිතව තිබේ.

ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලාන ගමන ආරම්භකරමින් නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය .

එම තරගය පෙබරවාරි 8 වනදා චෙන්නායි හිදී පැවැත්වේ.

ඇෆ්ගනිස්තාන සංචිතය

රෂීඩ් ඛාන් (නායක), ඊබ්‍රාහිම් සද්‍රාන් (උපනායක), රහ්මනුල්ලාහ් ගුර්බාස් (විකේ), මොහොමඩ් ඉෂාක් (කඩුලු රකින්නා), සෙදිකුල්ලාහ් අටාල්, ඩර්විෂ් රසූලි, ෂහිදුල්ලාහ් කමල්, අස්මතුල්ලාහ් ඔමර්සායි, ගුල්බඩින් නයිබ්, මොහොමඩ් නබි, නූර් අහ්මඩ්, මුජීබ් උර් රහ්මාන්, නවීන් උල් හක්, ෆසල්හක් ෆාරුකි සහ අබ්දුල්ලා අහ්මඩ්සායි

අතිරේක - ඒ.එම්. ගසන්ෆර්, ඉජාස් අහ්මඩ්සායි සහ සියා උර් රහ්මාන් ෂරීෆි  

[