ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අසාද්යයි - රෝගය උත්සන්න වී කෝමා වෙලා
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදෙපෙළ පිතිකරුවෙකු වන ඩේමියන් මාටින් අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව වාර්තා වේ.
ඒ මෙනින්ජයිටිස් රෝගය උත්සන්න වීම හේතුවෙන්. මෙම රෝගය උත්සන්න වී කෝමා තත්ත්වයට පත්ව ඇති ඔහු මේ වන විට ක්වින්ස්ලන්ඩ්හි රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් 26 වන දින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ක්වින්ස්ලන්ඩ් රෝහලක් වෙත ඇතුළත් කර තිබූ අතර ඉන් පසුව රෝගී තත්ත්වය උත්සන්න වී මෙසේ කෝමා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
මේ වන විට වයස අවුරුදු 54 වියේ පසුවන ඩේමියන් මාටින් ඔස්ට්‍රේලියාව සඳහා ටෙස්ට් ක්‍රිකට් තරග 67කට, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 208කට සහ විස්සයි20 තරග 4කට ක්‍රීඩා කර තිබෙනවා.