පරාජයෙන් පසු වියරු වැටුන ඇෆ්ගන් ප්‍රේක්ෂකයන් පකිස්ථානුවන්ට පහර දෙයි - තරගයෙන් පසු දැඩි උණුසුම්කාරී තත්ත්වයක් - (VIDEO)

Cricket Dubai Pakistan national cricket team Afghanistan Cricket Team
By Sewvandhi Sep 08, 2022 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරගයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බව වාර්තා වේ.

එහිදී ඇෆ්ගනිස්තාන් ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයේ පුටු කඩා පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහර දුන් බවත් එහිදී ක්‍රීඩාංගනයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් දැනගන්නට තිබේ.

එම තරඟයෙන් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හමුවේ කඩුල්ලක තියුණු පරාජයක් ලැබීය.

එම අවස්ථාවේ පහත වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණා...  



  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


ReeCha