රුසියානු යානයට එරෙහිව පනවා ඇති වාරණය ගැන අධිකරණයෙන් ලැබුණු නවතම නියෝගය ..!

United Russia Sri Lanka Aeroflot
By Sewvandhi Jun 06, 2022 09:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන්  පිටත්ව යාම වළක්වාලමින් පසුගිය 02 වනදා වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂයන් ට්‍රේඩින් ලිමිටඩ් සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකාර රුසියානු සමාගම වෙත ලබන 16 වන දින තෙක් බල පැවැත්වෙන තෙක් එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

කෙසේවුවද අදාළ වාරණ නියෝගය හරහා රාජ්‍යයන් දෙක අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අද අධිකරණය හමුවේ මෙලෙස කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha