මේ මාර්ගය භාවිතා කරන්නන්ට විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්..

By Piyumika Jul 13, 2024 08:41 AM GMT
Report

තෙල්වත්ත තොටගමුවේ රන්පත් විහාරස්ථ වාර්ෂික මිහිඳු පෙරහැර ගමන් කිරීම සඳහා අද (13) දින පස්වරු 1.00 සිට ගාලු කොළඹ මාර්ගයේ කොටසක් භාවිතා කරන බැවින් වාහන ගමනාගමනයේදී එම මාර්ගයේ කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාවට දැනුම් දී තිබේ.

පොලිස් බලයෙන් වීසා ගන්න ගිය OIC..(VIDEO)

පොලිස් බලයෙන් වීසා ගන්න ගිය OIC..(VIDEO)

ඒ අනුව කොළඹ දෙසින් ගාල්ලට ගමන් ගන්නා වාහන කහව, මීටියාගොඩ, කිරලගහවෙල,අලුත්වල,ගෝනාපිනුවල හරහා කුමාරකන්දෙන් ගාලු පාරට පිවිස හෝ ගෝනාපිනුවල සිට හික්කඩුව මාර්ගයෙන් ගාලුපාරට පිවිසීමෙන් ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දී ඇත.

රූප සුන්දරියන්ට අභියෝගයක් වෙයිද?..මෙන්න ලොව ප්‍රථම මිස් Ai..(VIDEO/PHOTO)

රූප සුන්දරියන්ට අභියෝගයක් වෙයිද?..මෙන්න ලොව ප්‍රථම මිස් Ai..(VIDEO/PHOTO)

ගාල්ලෙන් කොළඹ දෙසට යන වාහන එම මාර්ග සටහනේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කළ හැකි බවත් පොලීසිය පැවසීය .