පොලිස් බලයෙන් වීසා ගන්න ගිය OIC..(VIDEO)

Report

පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි.

ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන් පැමිණ පහරදුන් බවය. පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා එංගලන්තයේ සංචාරක වීසා ලබාගැනීම සඳහා අයදුම් කර තිබුණත් එය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී තිබුණි .

ක්‍රිකට් ක්‍රිඩකයකුගේ නිවස කොල්ල කෑ කොල්ල කරු අත්අඩංගුවට..

ක්‍රිකට් ක්‍රිඩකයකුගේ නිවස කොල්ල කෑ කොල්ල කරු අත්අඩංගුවට..

පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ පිහිටි සංචාරක වීසා හා උපදේශන ආයතනයක් වෙත ගොස් වීසා ලබාගැනීමට යළි අයදුම් කර තිබේ. එම ආයතනය මැදිහත් වී පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා පහසුකම් ලබාදී තිබුණු අතර ඒ සඳහා රුපියල් 1,003,200ක මුදලක් වීසා ආයතනයට වැයවී තිබුණි.

පසුව ජුලි 2 වනදා පෙරවරුවේ දෙහිවල පිහිටි වීසා ආයතනයට පැමිණි පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා සිය විදෙස් ගමන් බලපත්‍රය ඉල්ලා තිබේ. එහිදී වීසා ආයතනයේ හිමිකරු පවසා ඇත්තේ වීසා සකස් කිරීමට වැයවූ රුපියල් ලක්ෂ 10ක මුදල ගෙවා විදෙස් ගමන් බලපත්‍රය රැගෙන යන ලෙසය.

ලබන 16 වනදා පිරිසකට විශේෂ අවස්ථාවක්..

ලබන 16 වනදා පිරිසකට විශේෂ අවස්ථාවක්..

නමුත් එම අවස්ථාවේදී පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ආයතනයේ හිමිකරුට අසභ්‍ය වචනයෙන් බැන වැදී තරවටු කර තිබෙන අතර එය ආයතනයේ CCTV කැමරාවල සටහන් වී ඇත. පසුව එම පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණි. නැවත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී අදාළ ආයතනය වෙත පැමිණ එහි සේවක සේවිකාවන් බියවද්දන ආකාරය ද CCTV කැමරාවේ සටහන්ව තිබේ.

එමෙන්ම ජුලි 2 වනදා පස්වරු 4.30ට පමණ දෙහිවල පොලීසියේ ස්ථානාධිපතිවරයා ද එම ආයතනයට පැමිණ එහි හිමිකරු සහ කළමනාකරුට යම් දෙයක් පවසා බලහත්කාරයෙන් පිටතට රැගෙන ගොස් තිබුණි.

ඉන් අනතුරුව අදාළ ආයතනයේ හිමිකරු සහ කළමනාකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දෙහිවල පොලීසිය පියවර ගෙන තිබුණු අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කර තිබුණේ මුදල් ගෙවා විදෙස් ගමන් බලපත්‍රය ලබාගන්නා ලෙසය.

පුතා සමග හවුල් ව්‍යාපාරයක යෙදුන මවක් අත්තඩංගුවට..

පුතා සමග හවුල් ව්‍යාපාරයක යෙදුන මවක් අත්තඩංගුවට..

අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරුණු අදාළ ආයතනයේ හිමිකරු දෙහිවල පොලීසියෙන් තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දෙහිවල විදෙස් සංචාරක ආයතනයේ හිමිකරු,

"එයා කිව්වා... මම පොලිස් OIC කෙනෙක්. මට දන්නවා කොහොමද මේක ගන්න ඕන විදිය කියලා. මට ගහලා ඇදගෙන ගිහින් ජීප් එකට දාගත්තා. දෙහිවල පොලීසියට එක්කගෙන ගිහින් බිම දාගෙන ගැහුවා. බෙල්ල මිරිකලා කූඩුව ඇතුළට දැම්මා. කට උත්තරයේදී මම කියන එක නෙමෙයි ලිව්වේ. අන්තිමට මම බයට අත්සන් කළා."