සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන්න: තොරතුරු Share කිරීමට පෙර තහවුරු කරගන්නැයි දැනුම්දීමක්
සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු කිරීමේදී වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් හෝ තොරතුරක් දුටු පමණින් එය සත්‍යයක් ලෙස පිළිගෙන ක්‍රියා නොකරන්න. ඒ වෙනුවට මොහොතක් නවතින්න, සිතන්න සහ තොරතුරේ සත්‍යතාව තහවුරු කරගන්න.
ලැබුණු තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගැනීම සඳහා නිල පුවත් මූලාශ්‍ර, රජයේ නිවේදන සහ විශ්වාසදායක වෙබ් අඩවි පරීක්ෂා කළ හැකිය.
තොරතුරක් පිළිබඳව සැකයක් පවතින්නේ නම්, එය තවදුරටත් බෙදාහැරීමෙන් වළකින්න.
තොරතුර නිවැරදි බව තහවුරු වූ පසුව පමණක් එය අන් අය සමඟ බෙදාගන්න.
• Pause – නවතින්න: පණිවුඩයක් දුටු සැණින් නොසිතා Share කිරීමෙන් වළකින්න.
• Verify – තහවුරු කරන්න: තොරතුරේ මූලාශ්‍රය සහ සත්‍යතාව පරීක්ෂා කරන්න.
• Then Share – පසුව බෙදාගන්න: තොරතුර නිවැරදි බව තහවුරු වූ පසු පමණක් එය අන් අය අතර බෙදාගන්න.
ව්‍යාජ පුවත් සහ අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීමට ඔබත් වගකීමෙන් කටයුතු කරන්න.