ජනප්‍රිය ටෙලි නාට්‍ය තරුණ නළුවෙක් හදිසි අනතුරකින් මියයයි..උදෑසනින්ම ආරංචි වූ සංවේදී සිදුවීම මෙන්න(PHOTOS)
ඉන්දියාවේ මුම්බායිහිදී ට්‍රක් රථයක ගැටී ටෙලිනාට්‍ය නළු අමන් ජයිස්වාල් ඊයේ (17) මිය ගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.
මියයන විට ඔහු 23 හැවිරිදි වියේ පසුවුණා.
අනතුරින් පසු ඔහු රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය බවයි පැවසෙන්නේ.
මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ, මුම්බායිහි ජෝගේෂ්වරී මාර්ගයේ ට්‍රක් රථයක ඔහුගේ යතුරුපැදියේ ගැටීමෙනුයි.
"ධර්තිපුත්‍ර නන්දිනී" රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතය හරහා ඔහු ප්‍රසිද්ධියට පත් විය.
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ, ට්‍රක් රථ රියදුරුට එරෙහිව කඩිනම් සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති බවයි.
You May Like This Video



