අවුරුද්ද මුවාවෙන් මේ දේවල් කරොත් වැඩ වරදියි - රජයෙන් විශේෂ නිවේදනයක්

Report

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා වෙනුවට සංස්කෘතිය විකෘති වන අයුරින් විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් පැවැත්වූ අවුරුදු උත්සව සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසන්නේ එවැනි විකෘති ක්‍රියාකාරකම් සහිත උත්සව පැවැත්වූ ස්ථාන සහ සංවිධායකයන් පිළිබඳ තොරතුරු මේ වන විටත් රැස් කරමින් පවතින බවයි.

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

මෙම ක්‍රියාවන් මෙරට සංස්කෘතිය විනාශ කිරීමක් බව අමාත්‍යාංශයේ ස්ථාවරය වී ඇත.

අදාළ තොරතුරු රැස් කිරීමෙන් පසු එම සංවිධායකයින්ට සහ ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, මෙම "විකෘති ක්‍රීඩා" සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේ, මෙවැනි ක්‍රියාකාරකම් අලුත් අවුරුදු ක්‍රීඩා නොව "ප්‍රජනන ක්‍රීඩා" බවට පත්ව ඇති බවයි.

පාර පුරා ගිය ගල්කුඩු නිසා යතුරුපැදි 4ක් අනතුරට

පාර පුරා ගිය ගල්කුඩු නිසා යතුරුපැදි 4ක් අනතුරට