ත්‍රිකුණාමලය වරායේ තෙල් කාන්දුවක් - මුහුදේ පැතිර ගිය තෙල් ඉවත් කිරීමට වෙරළාරක්ෂක මෙහෙයුමක්
By Kanchana
ත්‍රිකුණාමලය වරායේ බූම් කෝව් ප්‍රදේශයේ අද (28) පෙරවරු 7.30ට පමණ සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් මුහුදේ පැතිර ගිය තෙල් තට්ටු ඉවත් කිරීමේ මෙහෙයුම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
ඒ සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇත. අදාළ තෙල් පැල්ලම මීටර් 7ක් පමණ දිගින් සහ මීටර් 2ක් පමණ පළලින් යුක්ත බව වාර්තා වේ.
තෙල් පැතිරීම පාලනය කිරීම සහ සාගර පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීමේ අරමුණින් අවශෝෂක ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.