ගැහැණු දරුවා පිරිමි දරුවෙකු වෙන්නැයි හිසට ඇණ ගසා ගත් ගැබිණි මව නුලෙන් බේරුණු හැටි මෙන්න.(PHOTOS)

Accident Pregnant women Pakistani
By Aruna Feb 10, 2022 12:20 AM GMT
Aruna

Aruna

Report

තමාට ඇති බලයෙන් පිරිමි දරුවෙකු ලබාදීමට හැකි බවට පැවසූ මිත්‍යා ඇදහිලි සුවකරන්නෙකු ගේ කීමට අනුව සිය හිසට ඇණ ගසා ගත් ගර්භණි කාන්තාවක් සම්බන්ධයෙන් පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

විවාහක කාන්තාවක් වන ඇයට මේ වන විටත් දියණියන් තිදෙනෙකු සිටින අතර ඇය සිව්වන වරටත් ගැබ් ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ ඇයට නැවත වරක් පිළිසිඳ ගෙන ඇත්තේ ගැහැණු දරුවෙකු බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමෙන් පසුව මෙම ගර්භණි කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇයට පවසා ඇත්තේ මෙවර තමන්ට පිරිමි දරුවෙකු නොලැබුනොත් ඇයව දික්කසාද කරන බවයි.

සිය සැමියාගේ ප්‍රකාශයෙන් බියට පත්වු ඇය මිත්‍යා ඇදහිලි සුවකරන්නෙකු හමුවට ගොස් ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් කියන ආකාරයට කටයුතු කරන්නේ නම් ඇයගේ කුසේ සිටින දරුවා පිරිමි දරුවෙකු වන බවයි.

ඒ අනුව එම මිත්‍යා ඇදහිලි සුවකරන්නාගේ වචනය විශ්වාස කළ ඇය, ඔහු පැවසූ ආකාරයට සිය හිසට ඇණ දෙකක් ගසා ගෙන ඇති අතර පසුව බියට පත්වී රෝහල් ගතව ඇත.

පාකිස්ථානයේ, පෙෂාවර් හි පිහිටි රෝහලකට ඇතුලත් කර ඇති මෙම ගර්භණි කාන්තාවගේ තත්ත්වය බරපතල නොවුනත් ඇය දැඩි වේදනාවකින් පෙලෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

එමෙන්ම හිසට ඇණ ගසා ගැනීමේදී ඇයගේ මොලය බේරී ඇත්තේ ද ඉතා ස්වල්ප ඉඩකින් බවත්, යම් හෙයකින් ඇයගේ මොලයට හානි සිදුවුවානම් ඇයගේ ජීවිතය පවා අහිමිවීමට ඉඩ තිබු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම කාන්තාවට උපදෙස් දුන් බව කියන මිත්‍යා ඇදහිලි සුවකරන්නා සොයා මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

GalleryGalleryGalleryGallery