16 හැවිරිදි තරුණයා සිදුකළ බිහිසුණු රිය අනතුරින් පුද්ගලයෙකු මරුට..(VIDEO/PHOTOS)

Police Waththala Marabage accident
By Aruna Nov 04, 2021 06:24 AM GMT
Aruna

Aruna

Report

අද (04) පෙරවරුවේ, වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර සුසාන භූමිය ආසන්නයේදී අද පෙරවරු 9ට පමණ එම අනතුර සිදුව තිබුණි.

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරු පැදි දෙකක, ත්‍රීරෝද රථයක සහ මෝටර් රථයක ගැටී තිබේ.

මහබාගේ පොලීසිය සඳහන් කළේ, අවුරුදු 16ක් වූ තරුණයෙකු විසින් අදාළ අධි සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර ඇති බවය. වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදි අනාවරණ වී තිබේ.

‍ අනතුරින් යතුරු පැදිකරුවෙකු මියගිය අතර, පසු පැදිකරු බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල් ගත කළ බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery