රිය අනතුරෙන් පසු මෝටර් රථයෙන් හමුවූ සාක්ෂිය මෙන්න

By Sithumi Jan 02, 2022 09:13 AM GMT
Sithumi

Sithumi

Report

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් තවත් වාහනයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අනතුරට ලක්වී තිබේ. ඒ ටිපර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙනි. අනතුරින් මෝටර් රථයේ සිටි කුඩා දරුවෙකු ඇතුළු එකම පවුලේ 5 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද බරපතළ තුවාල ලබා තිබේ. අනතුර සිදුවූ අවස්ථාවේ මෝටර් රථය පැයට කිලෝමීටර් 90ක පමණ වේගයකින් ධාවනය කර ඇති බව පොලීසිය පැවසීය. ඒ බව මෝටර් රථයේ මීටරයේ සටහන් වී තිබුණි. ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. මීගමුව - ගල්කන්ද, පුදුකුඩුඉරිප්පු - මුල්ලියාවේලී, පෑලියගොඩ, හෝමාගම, හබරණ, පින්නවල සහ හබරාදූව යන ප්‍රදේශවලදී එම අනතුරු සිදුවී තිබුණි. යාපනය - මහනුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 7ට පමණ ත්‍රිරෝද රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවිය

. ඉන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. ඔහු වවුනියාවේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයේ සහ කැබ් රථයේ රියදුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවය. අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් යාපනය මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අනතුර සිදුවූ ස්ථානයේ විරෝධතාවයකද නිරත වුණි.

තත්ත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කැඳවීමටද සිදුවිය. අද (02) අලුයම 4.30 ට පමණ බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකි වී වැල්මිල්ල ප්‍රදේශයේ දී බෝක්කුවක ගැටී අනතුරට ලක්වී තිබුණි. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now