මාස නවයක බිලිඳෙකුට මරු කැඳ වූ මාරක රිය අනතුර.
By krishani
කුරුණෑගල වැව රවුම් මාර්ගයේ දී සිදු වු අනතුරකින් මාස නවයක බිලිදෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කනුවක ගැටී ඇත.
ත්‍රිරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ අතර සිටි බිලිඳා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර බමුණුගෙදර, කුරුණෑගල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |