සිව් හැවිරිදි පුංචි පුතුට දිවි අහිමි කළ මාරක රිය අනතුර..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Nov 08, 2022 05:39 AM GMT
krishani

krishani

Report

ගල්ගමුව - කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇත.

ඒ පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවයන වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන්කළ කාන්තාවන් දෙදෙනෙකු, දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවෙකු මියගොස් ඇත.

ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස ගමන්කළ කාන්තාවන් දෙදෙනා, දැරියන් දෙදෙනා සහ කුඩා දරුවෙකු ගල්ගමුව හා අනුරාධපුර රෝහල්වල ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join