සිසුවියන් 2ක්ට දිවි අහිමි කළ, බදුලු මාරාන්තික අනතුර ගැන.. ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් මෙන්න..
අද (01) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත්විය.
ඒ දුන්හිඳ - බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී ය.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ අනතුර සිදුවන විට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙන් හා බස් රථයේ රියදුරා ඇතුළුව 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූ බව ය.
එම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන බව එහි සඳහන්ව තිබෙනවා.
බදුලු අනතුරේ උණුසුම යන්නත් කලින්.. නුවරඑළියේත් මාරක රිය අනතුරක්.. එක් කෙනෙක් මිය ගිහින්.. 19ක් තුවාල ලබයි..
එම මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇත.
ඒ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.
තවද අනතුරින් තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
එමෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට රැගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බවය.
බදුල්ලේ බිහිසුණු අනතුරේ.. බරපතළ තුවාලකරුවෙක් කොළඹට ගුවනින් ගේන්න හදලා.. නොහිතපු දෙයක් හරස් වුණ හැටි..
ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විටත් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම, ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එහි සඳහන් ව තිබෙනවා.