චාටු බස් තෙපලා පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලබා ගත් පෙම්වතා.. අන්තිමට කරන්න ගිය දෙයට දෙන්නම පොලීසියේ..

Report

රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෙම්වතියව රවටා නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යට මුදා හරින බවට බියගන්නවා මුදල් ලබාගත් අයෙක් ය.

මීට මාස 11කට පමණ පෙර මොවුන් රත්නපුර නගරයේදී අහම්බෙන් මුණගැසී තිබෙනවා.

මාලිමා ආණ්ඩුවේ.. මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ පඩියට මොකද වෙන්නේ?.. ජනපති කීව දෙය මෙන්න..

මාලිමා ආණ්ඩුවේ.. මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ පඩියට මොකද වෙන්නේ?.. ජනපති කීව දෙය මෙන්න..


පෙම්වතා බව කියන මෙම තරුණයා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක් ය.

තරුණිය රත්නපුර වේවැල්ලත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තැනැත්තියකී.

ආදරවන්තයාගේ ඉල්ලීම පරිදි තමාගේ නිරුවත් පින්තූර තමා විසින්ම අරගෙන තම ආදරවන්තයාගේ ජංගම දුරකථනයට යැවූ බව ඇය පිළිගෙන තිබෙනවා.

පෙම්වතා ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු වු නිසා එලෙස සිදු කළ බව ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.

විවාහ වූ පසු නිවසක් තනා ගැනීමට අවශ්‍ය බවත් එය නුවරඑළිය ප්‍රදේශයේ ඉදි කරන බවත් කියා පෙම්වතා පළමුව රුපියල් 100,000ක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

එයට අමතරව ගෙල බැඳි පවුම් එකහමාරක රත්තරන් චේන් පොට ද පෙම්වතාට ලබාදුන් බව ඇය පවසා ඇත.

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..


අනතුරුවත් දිගින් දිගටම තරුණියගෙන් සැකකරු මුදල් ඉල්ලා තිබෙන අතර තරුණිය මුදල් නොමැති බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් පසුව නිරුවත් පින්තූර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලා ඇත.

මේ හේතුවෙන් ඇය පොලිසියට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.