ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත්කර තිබේ.
ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශ වලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාවයි.
පුරවැසියන් සවි බල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ස්ථාපිත කිරීම මඟින් බහු - ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා රජය දැඩිව කැප වී සිටියි.
ඒ අනුව, වේගවත් ඩිජිටල් ආර්ථිකයකට සහ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තුඩු දෙන ආර්ථික හා සමාජ සංවර්ධනයට අදාළ සාම්ප්‍රදායික සංවර්ධන අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි නවීන තාක්ෂණය භාවිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ පත්වීම ඉහත දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා වන ප්‍රධාන පියවරක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා දැනට ආසිආටා සමාගමේ (Axiata Group Bhd) විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්යක්ෂ ලෙස කටයුතු කරන අතර, ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.
ලංකාවම බිය ගන්නපු.. අප්‍රිකානු සූකර උණ ගැන සඳහන් කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි..(PHOTOS)
මෙම කාල පරිච්ඡේදය තුළ, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇත.
ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත.
අදාළ පත් කිරීමෙන් පසු ඩිජිටල් ආර්ථිකයට අදාළ ආයතනික රාමුව තුළ විධායක නායකත්ව භූමිකා කිහිපයක් ඔහු ඉටු කිරීමට නියමිතය.
මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වයම ඒ මහතා විසින් දරනු ඇත.
කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,