වත්මන් ආණ්ඩුවත් සමග අවුරුද්දක් යෑමට පෙර සිද්ධ වෙන්න යන දේ..
හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව ඉදිරියටත් රට පාලනය කරන්නේ පසුගිය දින 42 ක කාලය තුළ සිදුකළ ආකාරයට නම් තවත් වසරක් තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ගෑස් සිලින්ඩරය කණ්ඩායමට මෙරට පාලනය භාරගැනීමට සිදුවන බවයි.
වත්මන් අනුර දිසානායක පාලනය පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව , බ්‍රික්ස් සමුළුව වැනි මෙරටට ඉතාම වැදගත් ජාත්‍යන්තර සමුළු මඟහරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙන්වාදුන් ඒ මහතා ඉදිරියටත් එම ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් මෙරට ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබාගැනීම සැකසහිත බවද අවධාරණය කළේය .
එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින්, හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබු අතර, හිටපු අමාත්‍ය තලතා අතුකෝරල , නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග කරන අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු අපේක්ෂකයන් 15 , පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල හිටපු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීව සිටියහ.