බදුල්ලේ බිහිසුණු අනතුරේ.. බරපතළ තුවාලකරුවෙක් කොළඹට ගුවනින් ගේන්න හදලා.. නොහිතපු දෙයක් හරස් වුණ හැටි..
අද(01) බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දී බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදු විය.
එම අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටින අයෙක් ගුවනින් කොළඹට රැගෙන ඒමට උත්සාහයක් ගෙන තිබිණ.

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)
එය අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
මෙම තුවාලකරු බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ඒමට උත්සාහ කර තිබෙනවා.
එම තුවාලකරු ගිලන්රියකින් බදුල්ල පාපන්දු පිටියට රැගෙන ආවද, අයහපත් කාලගුණය නිසා එම ගුවන්ගමන නතරකිරීමට සිදුව ඇත.
කෙසේ වෙතත්, ඒ හේතුවෙන් තුවාලකරු නැවතත් බදුල්ල ශික්ෂණ රෝහලටම රැගෙන යාමට සිදු වූ බවට තොරතුරු වාර්තා වේ.