මංගල ගමන අවමංගල ගමනක් වූ බස් වෑන් අනතුර..02ක් මිය යයි..06 කට බරපතලයි.(PHOTOS)
අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අද (10) අලුයම දෙදෙනකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
නොච්චියාගම සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ අනුරාධපුරය සිට නොච්චියාගම දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
වෑන් රථයේ ගමන්ගත් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් ඇත.
මංගල උත්සවයක මනාලිය හැඩගැන්වීම සඳහා පුද්ගලයින් පිරිසක් ගමන්ගත් වෑන් රථයේ සිටි මනාලියන් හැඩගැන්වීමට යමින් සිටි කාන්තාව සහ වාන් රථයේ රියදුරා මෙලෙස මියගොස් තිබුණි.
මෙම රියදුරා අවුරුදු විසි දෙකක් වන නොච්චියාගම පදිංචි තරුණයෙකි.
අනතුරින් මියගොස් සිටි කාන්තාව අවුරුදු හතළිහක් පමණ වයසැති මාතර දික්වැල්ලේ පදිංචිකාරියකි.
මෙම අනතුරට ලක්වූ බස් රථය නාවික හමුදාවට අයත් බස් රථයක් බව පොලීසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

