19 න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් පීඩාවට පත් කරන පුහුණුකරු...නමගිය කෙනෙක්ගේ දියණියකට විතරලු සැලකිල්ල..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 න් පහළ සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ට එහි පුහුණුකරු විසින් පරුෂ ලෙස කතා කරමින් ක්‍රීඩිකාවන් හිංසනයට ලක් වන අකාරයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

එම දැරියන්ගේ ජංගම දුරකථන තමන් භාරයේ තබාගෙන දෙමව්පියන්ට පවා දවසකට කතා කිරීමට ලබා දෙන්නේ විනාඩි දහයක් බවත් වාර්තා වේ.

ගුණයි කියලා ඔයත් ගත්තද..එහෙනම් බලාගෙන..

ගුණයි කියලා ඔයත් ගත්තද..එහෙනම් බලාගෙන..

එසේ කතා කරද්දී පවා කතා කළ යුත්තේ තමන් ඉදිරියේ බවත් මෙම පුහුණුකරු විසින් ඔවුන්ට නියෝග කර තිබේ. වයස අවුරුදු 15,16,17 වයස් වල සිටින කුඩා දැරියන් මෙයින් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින බව වාර්තා වේ.

මෙම පුහුණුකරු ඉහළම ක්‍රිකට් බලධාරියකුගේ සහායෙන් අදාල පුහුණුකරු ධූරය ලබාගෙන සිටින බවටත් තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියට මොහු විශේෂ සැළකිල්ලක් හා තල්ලුවක් ලබා දෙන බවටත් චෝදනා එල්ල වී තිබේ.

මැලේසියාවේ ඉදලා අපු තරුණයා ගමට බෙදන්න අරගෙන ආපු දේ..

මැලේසියාවේ ඉදලා අපු තරුණයා ගමට බෙදන්න අරගෙන ආපු දේ..

පසුගියදා පැවති කි.මී.2 දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයට පවා කැස්සක් තිබෙන බව කියමින් ඩිල්ෂාන්ගේ දියණිය ඉවත් කොට තබා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.

මෙම සංචිතය එළඹෙන කාන්තා යොවුන් ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කොට මේ දිනවල පුහුණුවීම් වල යෙදෙමින් සිටී