VAT එකක් ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්. - එක් අඩු කරද්දී තව එකක් වැඩි වෙනවා. - ඇමති හඳුන්නෙති කී දේ. - (VIDEO)

Parliament of Sri Lanka Sunil Handunnetti Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Dec 06, 2024 12:35 PM GMT
Wayomi

Wayomi

Report

දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද(06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි වලට වැට් බද්ද අය නොකරන් බවත්, නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි වලට වැට් බදු 18%ක් සහ තව සියයට 2.5ක බද්දක් අය කරන බවත්ය.

ධනවතුන්ගේ අඩු වීමක්. - විශේෂ බැංකු වාර්තාව මෙන්න.

ධනවතුන්ගේ අඩු වීමක්. - විශේෂ බැංකු වාර්තාව මෙන්න.

එමෙන්ම කර්මාන්ත ශාලාවෙන් එළියට එන විටම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක් වන අතර වෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 220ක් බවත් ඔහු සඳහන් කළා.

මේ අතර දුඹුරු සීනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට වර්ගීකරණය කොට ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කර තිබෙන්නේ යැයි කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විශේෂ වරප්‍රසාද දී තිබෙන්නේ සීනි බදු වංචා කළ අයට සහන දීමට යැයි ද මෙම කාරණය නිවැරදි කළ යුතුව තිබෙන බව ද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වෙයි. - කොළඹ තරු හෝටලයේ මහල් 7කින් බිමට පැන්න විදේශිකයා. - (VIDEO දර්ශන සහිතයි)

පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වෙයි. - කොළඹ තරු හෝටලයේ මහල් 7කින් බිමට පැන්න විදේශිකයා. - (VIDEO දර්ශන සහිතයි)


ReeCha