කතරගම ඇසළ මංගල්‍යට පොලිසියෙනුත් 1050 ක්

Report

පොලිස් නිලධාරීන් 1,050 ක විශාල පිරිසක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය වෙනුවෙන් යොදවා ඇති බව පවසයි.

මේ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම එම නිවේදනයේ දක්වා ඇති ආකාරයට මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු මෙම කටයුත්තට යොදා ඇති බව ද වාර්තා වේ.

මේ අතර පානම පොලිස් වසමේ සිට යාල රක්ෂිතය ඔස්සේ පෙරහර මංගල්‍ය සඳහා පාද යාත්‍රාවෙන් එන බැතිමතුන්ගේ ආරක්ෂාව හා සුභසාධන කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට ද කටයුතු කර තිබෙන බව පවසයි.

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

හෙට එනම් 26 වන දින පටන් එළඹෙන ජූලි 10 වන දින තෙක් රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය පැවැත් වීමට නියමිතව ඇත.

මේ අතර එහි දියකැපීමේ මංගල්‍යය එළඹෙන ජූලි 11 වන දින සිදු කිරීමට ද නියමිතයි.  

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්