ධනවතුන්ගේ අඩු වීමක්. - විශේෂ බැංකු වාර්තාව මෙන්න.

China Businessman World
By Wayomi Dec 06, 2024 12:10 PM GMT
Wayomi

Wayomi

Report

දෙසැම්බර් 05 වනදා නිකුත් කරන ලද ස්විස් බැංකු වාර්තාවක් අනුව චීනයේ සිටින ධනවතුන් සංඛ්‍යාව පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වත්කම් සහිත චීනයේ පුද්ගලයින් සංඛ්‍යාව 520 සිට 427 දක්වා පහත වැටී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙහිදී 2023 වසරට සාපේක්ෂව එය කැපී පෙනෙන අඩුවක් බව එම වාර්තාව පෙන්ව දෙනවා.

ඊට ප්‍රධාන හේතුව චීනයේ දේපල වෙලඳපොලේ ඇති අභියෝග සහ මූල්‍ය අංශයේ කැළඹීම් බව පවසන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ස්විස් බැංකු වාර්තාව අනුව චීනයේ ධනවතුන් ලැයිස්තුවෙන් පුද්ගලයින් 132 දෙනෙකු ඉවත්ව ඇති අතර, නව ප්‍රකෝටිපතියන් 42 දෙනෙකු එකතු කර ඇති බවත්, තිදෙනෙකු නැවත ස්ථානගත කර ඇති බවයි.

මේ අතර එම වාර්තාවේ දත්ත සඳහන් කරමින් එම මාධ්‍ය වාර්තා පවසන්නේ සමස්තයක් වශයෙන්, චීනයේ ප්‍රකෝටිපතියන්ගේ ධනය සියයට 20කින් අඩු වූ අතර එය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් බවයි.

අක්‍රීය ණය අඩු වෙයි. - මහා බැංකු වාර්තාව මෙන්න.

අක්‍රීය ණය අඩු වෙයි. - මහා බැංකු වාර්තාව මෙන්න.

‘රත්න සහල්’ තොග සඟවලා . - ප්‍රධාන බැංකුවකින් කෝටි 350ක ණයකුත් අරන් . - ඇමති පාර්ලිමේන්තුවේ හෙළි කළ ඇත්ත මෙන්න. - (VIDEO)

‘රත්න සහල්’ තොග සඟවලා . - ප්‍රධාන බැංකුවකින් කෝටි 350ක ණයකුත් අරන් . - ඇමති පාර්ලිමේන්තුවේ හෙළි කළ ඇත්ත මෙන්න. - (VIDEO)

ReeCha