යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර අභිමංසල රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක
Sri Lanka Army
Anuradhapura
By Akash
යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර අභිමංසල රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ 2025 මාර්තු මස 11 දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති අනුරාධපුර අභිමංසල සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම සුවතා නිකේතන පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.
පසුව, එතුමන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, යුද්ධ හමුදා විධායක ජෙනරාල්,රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
