සා/පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sewvandhi May 22, 2022 01:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (23) දිනයේ ආරම්භවීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැමිණෙන දූදරුවන්ට සහ කර්යමණ්ඩයල පහසුව සඳහා බස්රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සාමාන්‍ය සිසු සැරිය බස් රථවලට අමතරව අතිරේක බස්රථද යොදවා ඇති බවය. ඇතැම් බස් රථවල ගමන් දුර ප්‍රමාණයත් දීර්ඝ කර අති බවත් හෙට සිට විභාගය අවසන් වන තෙක් එම බස් සේවා ක්‍රියාත්මක වන බවත් ගමනාගමන මණ්ඩලයේ සභාපති සඳහන් කළේය.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනය කරන වාහන සඳහා සහ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධ නිකුත් කිරීමට පහසුකම් සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා,

"හෙට දිනයේදී සහ ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී මම හිතනවා ජනතාව දරුවන්නට පූර්ණ සහයෝගය දෙයි කියලා. මම හිතනවා පෞද්ගලිකවම ඒ අයත් දරුවන් ප්‍රවානය කරන්නට ඉදිරිපත් වෙයි කියලා. මොකද විභාගයකට යන දරුවන් කියන්නේ අපේ සම්පතක්. ඒ අය බලාගැනීම වැඩිහිටි සියලුදෙනාගේම වගකීමක්. ඒ නිසා ඔවුන් අවහිරතාවයක් ඇතිවෙයි කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha